වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (03) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට උදෑසන 10.00 සිට පැය 18ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.
හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ .
හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදුව, මරදාන පාර,ඇළකන්ද සහ හැඳල මාර්ගයේ කොටසකට ජල සැපයුම අත්හිටවනු ලැබේ.