ජෝ බයිඩ්න්ගේ දින100 ක පොරොන්දුව

Share

ලොව පුරා කොවිඩ් වෙෙරසය පවතින අතර මේ තුළින් අමෙරිකාවේ ලක්ෂ ගණනක් ජිවිතක්ෂයට පත්විය.

 

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ් පාලනය කෙරෙහි දැක්වු තීරණ වලට හාත්පසින් වෙනස් තීරණයක්  අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් ගෙන තිබේ.

ඒ තමා ජනපති ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පළමු දින 100 තුළ අමෙරිකානු ජනතාව වෙනුවෙන් මිලියන 100ක කොවිඩ් එන්නත් ලබා දෙන බවයි.

ඩෙලවෙයාර්හිදී ඔහුගේ සෞඛ්‍ය ලේකම් ධුරයට කැලිෆෝනියාවේ නීතිපති සේවියර් බෙකරා සහ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල ප්‍රධානියා ලෙස රොචෙල් වැලෙන්ස්කි නිර්දේශ කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනක් අතරතුර ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජෝ බයිඩ්න් මේ බව පවසා ඇත.

”මාගේ පළමු දින 100 තුළ Covid-19 වෛරසය අමෙරිකාවෙන් තුරන් කළ නොහැකි වෙයි. මට එවැන්නක් පොරොන්දු වෙන්න බැහැ. නමුත් අමෙරිකානුවන්ගේ ජීවිත යහපත් අතට හැරවීමට දින 100 ක් තුළ අපට රෝගයේ ගමන් මග වෙනස් කළ හැකියි.”

කෙසේ වෙතත් බයිඩ්න් පසුගිය සතියේ චෝදනා කර සිටියේ, කොවිඩ් එන්නත් වැඩසටහනට අදාළව ට්‍රම්ප් පාලනාධිකාරිය තමාට කිසිදු සැලැස්මක් ලබා දී නොමැති බවයි.

මේ අතර පසුගිය දා රාජකාරී ඇරඹීමට නියමිත නව ජනාධිපතිවරයා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හඳුන්වා දෙමින් අමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටියේ පළමු දින 100 තුළ මුව ආවරණ පළඳින ලෙසයි.

එක්සත් ජනපද නියාමකයින් පසුගිය දා තහවුරු කළේ, Pfizer/BioNTech කොවිඩ් එන්නත 95% ක් ඵලදායී වන අතර එය හදිසි භාවිතය සඳහා අනුමත කිරීමට සුදුසු බවටයි.

කෙසේ වෙතත් එරට ආහාර හා ඔෂධ පරිපාලනය (FDA) එන්නත අනුමත කිරීම පිළිබඳ විධිමත් තීරණයක් ගැනීම සඳහා හෙට (10) දිනයේ රැස්වීමට නියමිත ය.

ලොව ප්‍රථමවරට අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ මෙම එන්නත ලබා දීම ඊයේ (08) එක්සත් රාජධානියෙන් ආරම්භ කළේය.

Read more

Local News