නයිජීරියාවේ පැහැර ගැනීමට ලක් වූ සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම්

Share

නයිජීරියාවේ වයඹ දිග ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක් වූ පාසල් සිසුන් සෙවීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

නයිජීරියාවේ කන්කාරා නමැති ප්‍රදේශයක පිරිමි පාසලක සිසුන් පිරිසක් මෙලෙස පැහැර ගැනීමට ලක් වි තිබේ.

පැහැර ගත් බවට පැවසෙන සන්නද්ධ කණ්ඩායම සමඟ රජයේ හමුදා වෙඩි හුවමාරුවක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් ආරක්ෂක අංශ කඩිනමින් ක්‍රියාත්මක නොවූ බවට සිසුන්ගේ දෙමව්පියන් මේ වන විට චෝදනා එල්ල වි තිබෙන අතර ඇතැම් සිසුන් පැහැර ගෙන යන අවස්ථාවේදී කැලෑබද ප්‍රදේශ ඔස්සේ පැන යාමටද සමත් වි තිබේ. සන්නද්ධ කණ්ඩායම්වල ග්‍රහණයට ලක්ව  සිසුන් කොපමණ සංඛ්‍යාවක් සිටීද යන්න තවමත් පැහැදිලි වී නොමැති බවයි එරට මාධ්‍ය වැඩ්දුරටත් පවසයි.

Read more

Local News