ට්‍රම්ප් ෆයිසර් එන්නත ප්‍රමුඛතාව මත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි

Share

කොරෝනා වෛරසයට එරෙහි ෆයිසර් එන්නත ප්‍රමුඛතාව මත ලබා ගැනීම තමා ප්‍රතික්ෂේප කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

 

හදිසි අවස්ථාවක් ලෙස සළකා ඊයේ දිනයේ සිට මහජනතාව වෙත ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කෙරුණි.

එන්නත ලබාදීමේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති මයික් පෙන්සර් ඇතුළු ධවල මන්දිර නිලධාරීන් රැසකගේ නම් ඇතුළත් වි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වුවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරන්නේ මෙම අවස්ථාවේ ධවල මන්දිර නිලධාරීන්ට එන්නත ලබාදීමට වඩා ජනතාවට එය ලබාදීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවයි.

පළමු වටයේ එන්නත් ලබාදීම සදහා සියලු ප්‍රාන්ත වෙත මේ වන විටත් එන්නත් ඒකක මිලියන 3 ක් ලබා දී ඇති  විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

Read more

Local News