වියළි කාලගුණික තත්ත්වය ජල විදුලි නිෂ්පාදනයට අභියෝගයක් වෙයි

Share

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ‍යේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයට අභියෝග එල්ල විය හැකි බවයි.

ප්‍රධාන ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 1350ක් හා කුඩා ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 375ක් පමණ ජාතික විදුලිබල පද්ධතියට එක්වන බවත් වියළි කාලගුණය නිසා එම කටයුතුවලට බාධා පැමිණ ඇති බවත් ජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.

කසල්රී ජලාශයේ ජල මට්ටම සියයට 58.07ක්ද, මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම සියයට 63.01ක්ද, කොත්මලේ ජලාශයේ ජල මට්ටම සියයට 35.04ක්ද, වික්ටෝරියා සියයට 71.03ක් හා රන්දෙණිගල සියයට 48.9ක් වන බව සංවර්ධන අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

මේ තත්ත්වය දිගටම පැවතුණහොත් ඉදිරියේදී ජල විලිය නිපදවීමට බාධක එල්ල විය හැකි බවද සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේය.

Read more

Local News