ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙක් කොටුවෙයි

Share

ඊයේ(20) දිනයේ පොල්පිතිගම පොලිස් නිළධාරීන්ට ලද තොරතුරක් මත පොල්පිතිගම මාඑළිය ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

වැටලීමේ දී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටුවක් සහ ව්‍යාජ රුපියල් 1000 නෝට්ටු 05ක් සැකකරු සන්තකයේ තිබී ඇති අතර සැකකරු අවුරුදු 31 ක් වයසැති මාඑළිය පදිංචිකරුවෙකි

සැකකරු අද (21) දින මහව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read more

Local News