කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට පියවර

Share

2021 සිට කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට රජය තීරණය කර ති‌බේ.

 

ගම්මිරිස් තෙල් නිෂ්පාදනය කර අපනයනය කිරීමට ද රජය තීරණය කර ඇත.

එම වැඩපිළිවෙළ ලබන වසරේ මුල් කාර්තුවේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඊට අදාළ සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බවයි.

ඒ අනුව උක්, ‍බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත්, ස්වදේශීක අඹ වර්ග, මඤ්ඤක්කා සහ කටු අනෝදා ඇතුළු බෝග වර්ග රැසක් අපනයනය කිරීම ඉහළ නංවනු ඇති.

Read more

Local News