අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Share

අද දිනයේ උතුරු, නැගෙනහිර, උතුරුමැද, වයඹ සහ ඌව පළාත්වලත් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

සබරගමුව හා බස්නාහිර පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇති වේ.

Read more

Local News