මාදම්පේ සිදු වූ මාරක යතුරුපැදි අනතුර

Share

ඊයේ සවස මාදම්පේ පොලිස් වසමේ කොළඹ පුත්තලම මාර්ගයේ පම්බල ප්‍රදේශයේ දී පුත්තලම දෙස සිට ධාවනය වූ යතුරු පැදියක විරුද්ධ දිසාවෙන් පැම්ණි පුද්ගලික බස් රථයක් ගැටී අනතුරක් සිදුව තිබේ.

 

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරු පැදියේ යතුරුපැදිකරු හලාවත රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.

මිය ගිය තැනැත්තාගේ වයස අවුරුදු 29ක් වන අතර මිගමුවේ පදිංච්කරුවෙකි.

මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය වැඩ්දුර විමර්ශන පවත්වයි

 

Read more

Local News