බයිඩන්ගේ ජනපති පදවි ප්‍රාප්තිය සිදු කරන තෙක් ඇදිරි නීතිය පැනවීමේ තීරණයක් ? : 4ක් මරුට

Share

ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සහ කර තිබෙන අතර මේ වන විට ඉන් පුද්ගලයින් 4ක් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මුළු වොෂින්ටන් ප්‍රදේශයේම මේ වන විට ලොක්ඩවුන් කර තිබෙන අතර නව ජනපතිගේ පදවි ප්‍රාප්තිය පවත්නා තෙක් මෙම ඇදිරි නීතිය තවදුරටත් පවත්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වොෂින්ටන්හි ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට ද මේ වනවිට සීමා පනවා ඇති අතර ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සහ ෆේස්බුක් ගිණුම් තාවකාලිකව අවහිර කර තිබෙන බව වාර්තා වෙයි.

ට්විටර් සමාගම සදහන් කරනුයේ සිය ප්‍රතිපත්තියේ දැඩි ලෙස උල්ලංඝනය කිරීම හමුවේ ඔහු විසින් පළ කළ Twitter පණිවුඩ තුනක් ද ඉවත් කළ බවයි.

ට්විටර් සහ ෆේස්බුක් යන ලෝ ප්‍රකට සමාජ ජාල දෙකක් වන අතර තාක්ෂණික ලෝකයේ දැවැන්ත සමාගම් දෙකකි.

“කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් අගනුවර පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වී තිබෙනවා” යැයි සඳහන් කරමින් ට්‍රම්ප් ටිව්ටර් පණිවුඩයක් නිකුත් කළේය. ඊට අමතරව ඔහු තවත් ට්විටර් පණිවුඩ දෙකක් නිකුත් කළේය. එම ට්විටර් පණිවුඩ තුනම ජනතාවට නොපෙනෙන ආකාරයෙන් සැඟවීමට ට්විටර් සමාගම පියවර ගත් අතර එම ට්විටර් පණිවුඩ ඉවත් කරන්නැයි ඇමෙරිකානු ජනාධිපතිවරයාට අවධාරණය කළේය.

සිය සමාගමේ ප්‍රතිපත්ති දෙකක් උල්ලංඝණය කිරීම හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ට පැය 24ක් යනතුරු ෆේස්බුක් සටහන් තැබීමට ඉඩ නොදෙන බවත් ඔහුගේ ෆේස්බුක් ගිණුම අවහිර කරන බවත් එම සමාගම ඉන් ටික වේලාවකට පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම අවහිර කරන්නැයි බල කරමින් ට්‍රම්ප්ට හිතවාදී විරෝධතාකරුවෝ ඇමෙරිකාවේ කොංග්‍රසය පිහිටා ඇති කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණාහ.

ජනාධිපති ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම පැය 12කට අත්හිටුවීමට එම සමාගම පියවර ගත්තේ එම ට්විටර් පණිවුඩ ඉවත් නොකරන්නේ නම් ගිණුම ඉදිරියටත් අවහිර කරන බව ද එම සමාගම සඳහන් කළේය.

ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් ට -රියල්ඩොනලඩ්ට්‍රම්ප්- යන ට්විටර් ගිණුමෙන් ට්විටර් පණිවුඩ නිකුත් කළ නොහැක.

මේ අතර ජනාධිපති ට්‍රම්ප්ගේ ඉන්ස්ටග්‍රම් ගිණුම ද පැය 24කට අත්හිටුවීමට එම සමාජ ජාල සමාගම පියවර ගෙන තිබිණි.

ජනාධිපතිවරයා ජනතාව නොමඟ යන ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් ඔවුන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වොෂින්ටන් නුවර විරෝධතාකරුවන්ගේ අක්‍රමණයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය.

ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක රෆායෙල් වර්නොක් සිය ජය තහවුරු කර ගත්තේ, රිපබ්ලිකන් පක්ෂයේ කෙලී ලොෆ්ලර් පරාජය කරමිනි.

අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පූර්ණ බලය හිමිකර ගැනීම සඳහා ජනාධිපති ධූරයට තේරී පත් වී සිටින ජෝ බයිඩ්න්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට හැකි විය.

ඒත් සමග අමෙරිකාවේ අගනුවර වන වොෂිංටන්හි ට්‍රම්ප් හිතවාදි කණ්ඩායම් විරෝධතා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ඉතා ප්‍රචණ්ඩ අයුරින් ට්‍රම්ප් හිතවාදීන් විදි බැස කලහාකාරී අන්දමින් හැසිරෙන දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී ඇත.

අවිගත් විරෝධතාකරුවන් එලෙස කැපිටල් ගොඩනැගිල්ලට ඇතුලුවී එහි දේපළවලට හානිකර තිබුණි.

කැපිටල්හිල් ගොඩනැල්ලේ දොරටු වසා ආරක්ෂාව තර කර තිබුණ ද විරෝධතාකරුවන් ඉතා ප්‍රචණ්ඩ අයුරින් ඒ තුළට ඇතුළුවීමට උත්සහ දරා තිබේ.

මේ අතර අද අමෙරිකානු ඉතිහාසයේ අඳුරු දවසක් බව අමෙරිකානු උප ජනපති මයික් පෙන්ස් පවසයි.

Supporters of Trump are confronted by Capitol Police officers outside the Senate Chamber inside the

Read more

Local News