කොරෝනා ආසාදනය වූ දයාසිරි ෆේස්බුක් පිටුවේ තැබූ සටහන

Share

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව ඔහුගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

 

එම ප්‍රකාශය පහතින්,

“රට තුළ පවතින covid 19 සෞඛ්‍ය තත්වය හමුවේ PCR පරීක්ෂණයක් සදහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ මා හට covid 19 වෛරසය ආසදනය වී ඇති බව තහවුරු විය.එබැවින් ජාතික covid මර්දන උපදේශනයට අනුව මා මේ මොහොතේ නිරෝධානය නීතිමය ක්‍රියාවලිය සමග සම්බන්ධ වී ඇත.තවද මේ මොහොතේ covid 19 වෛරසය ආසදනය වී ඇති ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.

මම : දයාසිරි ජයසේකර”

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර ති‌‌‌බේ.

Read more

Local News