ආණ්ඩුව ජීවිත සමග සෙල්ලම් කරන බව විපක්ෂ නායක කියයි

Share

ආණ්ඩුව මේ ව්‍යසනකාරී මොහොතේ අපේ රටේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන බවත් ඔවුන්ගේ වගකීම් විරහිත ප්‍රකාශ තුලින් පැහැදිලි වන්නේ මේ රට පරීක්ෂණාගාර බවට පත් කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

කොරෝනා ව්‍යසනය නිසා දැඩි අවදානමක තිබෙන යුක්රේනයේ සංචාරකයින් මෙරටට ගෙන්වීම වහාම නවතා දැමියයුතු බවත් ඒ මහතා පැවසීය.

අද(09) මහනුවර ප්‍රදේශයේ සංචාරයක යෙදෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පළමුව මහනුවර ඓෙතිහාසික මල්වතු මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය.

අනතුරුව විපක්ෂ නායකතුමා මහනුවර ඓෙතිහාසික අස්ගිරි මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය. ස

මගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම මයන්ත දිසානායක ඇතුලු පිරිසක් ද එම අවස්ථාවට එක් වූහ.

ඉන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර ශ්‍ර් දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ ආරක්ෂිත බැම්මට සිදුව තිබූ හානිය නිරීක්ෂණය කිරීම සදහා එම ස්ථානය වෙත පැමිණියේ ය.

Read more

Local News