මාලය කඩාගත් තරුණයා වතුරට පැන මරුට : කාන්තාවන්ට උපදෙසක්

Share

අද උදෑසන මීටියාගොඩ පොලිස් වසමේ සිදුවූ රන් මාල කඩා ගැනීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී තිබේ.

 

අදාල සැකකරු හෙදියකගේ ගෙල බැදි රන් මාලයක් කඩා ගැනීමෙන් අනතුරුව පොලිසිය සහ ගම්වාසින් හඹා යාම නිසා ඇලකට පැන තිබෙන අතර රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ ” මේ දිනවල මත්කුඩු වලට ඇබිබැහි වූවන් නිසා සිදු වන ගෙල බැදි රන් මාල කඩා ගැනීම් වැඩ් වී තිබෙනවා. ඒ වගේම ඊට අමතරව යම් යම් සංවිධානාත්මක ලෙස කොල්ලකරුවන් විසින් ද මේ අයුරින් රන් මාල කඩාගැනිම් සිදු කරනවා. අද දිනයේදී මීටියාගොඩ පොලිස් වසමේ මල්වැන්න රේල්ගේටිටුව අසලදී බලපිටිය රෝහලේ සේවය කරන 34 හැවිරිදි මල්වැන්න තෙල්වත්ත ප්‍රදේශයේ පදිංච් හෙදියකගේගෙල බැදි රන් මාලයක් යම් පුද්ගලයකු විසින් කොල්ල කා තිබෙනවා. ඔහු රේල් ගේට්ටුව අසල යතුරු පැදියකින් පැම්ණ මේ ආකාරයට මාලය කොල්ලකා ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් එම අවස්ථාවේදීම එම ස්ථානයට පැම්ණි පුද්ගලයින් දෙදෙනෙක් සහ ගම්වාසින් විසින් මේ පුද්ගලයා හඹා ගොස් තිබෙනවා. මෙසේ හඹා යාමේදි ඔහු මල්වැන්න ප්‍රදේශයේ එක්තරා ඇලකට පැන ඇති බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ගම්වාසින් පොලිසිය ඇතුළු පිරිසක් විසින් පුද්ගලයා සොයාගෙන තිබෙනවා. සොයාගෙන ඔහු හික්කඩුව ආරච්චිකන්ද රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ඔහු ඇතුලත් කරන විට ම්යගොස් ඇති බවට වාර්තා වෙනවා.  දැනට මොහුගේ සිරුර හික්කඩුව ආරච්චිකන්ද රෝහලේ තැන්පත් කර තිබෙනවා. මෙසේ මාලය කොල්ල කෑමෙන් පසු වතුරට පැනීමෙන් අනතුරුව ඔහු සොයා ගැනීමේදී රෝහලට ඇතුලත් කිරිමේදි මිය ගොස් තිබෙනවා” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය වැඩ්දුර විමරශණ ආරම්භ කර තිබෙන අතර බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ට දන්වා මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරිමට නියම්තයි.

අද උදෑසන 6.30 ට මෙම සිදුවිම මීටියාගොඩ මල්වැන්න ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළේය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ” අපි නිරන්තරයෙන් පවසනවා මේ දිනවල හුදකලාව ගමන් කරන කාන්තාවන් අදුරු මාර්ගවල ගමන් කරන කාන්තාවන් මෙවැනි ගෙල බැදි රන් මාල කඩා ගැනීමේ සිදුවිමේ වින්දිතයින් බවට පත්වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ නිසා මේ පිළිබදව ප්‍රවේසමෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ මිය ගිය අපරාධකරු කවරෙක්ද යන්න පිළිබදව මෙතෙක් අනාවරණය වි නෑ. පොලිසිය ප්‍රකාශ කරන ආකාරයට ඔහු වයස අවුරුදු 30ක පමණ පුද්ගලයෙක් බවටයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ සිදු කරනවා.” බවයි.

Read more

Local News