එජාපයේ වෙනස් වූ තනතුරු

Share

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, අද රැස් විය.

 

එම රැස්වීමේදී පක්ෂයේ තනතුරුවල කිහිපයක් වෙනස් කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව පක්ෂයේ සභාපති ලෙස වජිර අබේවර්ධන මහතා ද පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පත් කර තිබේ.

මීට අමතරව අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයේ නව උපනායක ලෙස පත්කර ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාට පතිචාර දක්වමින් ජනපතිවරයා සිදු කළ ප්‍රකාශය පිළිබදව පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී සිදු කළ ප්‍රකාශය පිළිබදව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි වැඩ්දුරටත් සදහන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂය හෙළා දකින බවයි.

අදාල නිවේදනය පහතින්

No description available.

Read more

Local News