WhatsApp නව කොන්දේසි : එකඟ නොවුනොත් සිදු වන දේ

Share

WhatsApp සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි මස 8 වැනිදා සිට වෙනස් කිරීමට WhatsApp සමාගමේ මව් සමාගම වන ෆේස්බුක් සමාගම කටයුතුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ අනුව නව කොන්දේසි සමග එකඟ නොවුණ හොත් WhatsApp යෙදුම භාවිත කිරීමේ අවස්ථාව ලබන මස සිට ගිලිහී යාමේ අවදානමක් පවතින බව වාර්තාවෙයි.

පෙබරවාරි 8 වැනිදා සිට WhatsApp යෙදුම භාවිත කිරීමට නම් පරිශීලකයින් වට්ස්ඇප් සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන නව කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව සමග එකඟ විය යුතු වෙයි.

ඒ සමග එකඟ වීමට අකමැති පරිශීලකයෙක් වේ නම් එම පුද්ගලයාට එළැඹෙන 8 වැනිදා සිට WhatsApp සමාජ මාධ්‍ය යෙදුම භාවිතා කිරීමේ අවස්ථාව ගිලිහී යන බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

Read more

Local News