අර්ජුන එජාප ධුරය ප්‍රතික්ෂේප කිරිමට හේතුව

Share

අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය ප්‍රතික්ෂේප කර තිබේ.

 

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය තමන් භාර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගිය (27) වැනිදා ලිඛිතව දැනුම් දී ඇත

රටේ යහපත් ඉදිරි ගමනක් සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට එක්සත් ජාතික පක්ෂය තවමත් අපොහොසත් වී ඇති බවද රණතුංග මහතා පක්ෂ නායකවරයා වෙත යැවූ ලිපියේ සඳහන් කර තිබේ.

2020 මැතිවණයේදී අන්ත පරාජයක් ලැබීමෙන් පසුවද තමා පක්ෂය සමඟ රැඳුණේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් සංවිධානය කෙරෙනු ඇත යන අපේක්ෂාවෙන් නමුත් අද වනතුරුත් එවැනි සාධනීය වැඩපිළිවෙළක් හෝ සංවිධානයක් ඇති බවක් නොපෙනෙන බවද හෙතෙම එහි දක්වා ඇත

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරට තමා පත් කර ඇති බවට දන්වා ඇතත් පවත්නා පසුබිම යටතේ එම තනතුර ප්‍රතික්ෂේප කිරීමට තමා අදහස් කළේ රටේ යපහත් ඉදිරි ගමනක් සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට පක්ෂය තවමත් අපොහොසත් වී ඇති බව පෙනෙන බැවින් යැයිද රණතුංග මහතා සඳහන් කර තිබේ.

Read more

Local News