මියන්මාරය හමුදාව යටතට : හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

Share

මේ වන විට මියන්මාර හමුදාව රට පාලනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

අවුන් සාන් සූකී සහ අනෙකුත් දේශපාලන නායකයන් පාන්දර අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු පැය කිහිපයකින්  වසරක කාලයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මියන්මාරයේ හමුදාව රට පාලනය කරන බව වාර්තා වෙයි.

පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණයේ වංචා සිදුවූ බවට මියන්මාරයේ ප්‍රබල හමුදාව, සිවිල් රජයට දිගින් දිගටම චෝදනා කරනු ලැබූ අතර අඩ සියවසකට අධික කාලයක් පැවති හමුදා පාලනය අවසන් වීමෙන් අනතුරුව එරට පැවති දෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණය හැදින්විය හැකිය

එම මැතිවරණයෙන් පසුව මියන්මාර පාර්ලිමේන්තුව අද අසුන් ගැනීමට නියමිතව තිබූ පසුබිමකදී අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙලෙස හමුදා භාරයට ගෙන තිබේ.

Read more

Local News