කොවිඩ් ආසාදිතව සිටි වෛද්‍යවරයෙකු ජිවිතක්ෂයට

Share

කොරෝනා වෛරසය වැළැදි ජීවිතයත් මරණත් අතර සටනක නියැලෙමින් සිටි වෛද්ය ගයාන් දන්තනාරායන මහතා ජීවිතයෙන් සමු ගෙන තිබේ.

 

කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය මෙරට පළමු වෛද්‍යවරයා වන්නේ වෛද්ය ගයාන් දන්තනාරායන මහතාය.

කොරෝනා ආසාදිත වෛද්‍යවරයා රාගම රෝහලේ සිට කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සදහා යොමු කර තිබි ඉන් පසු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ප්රතිකාර සදහා ගෙන එන ලදි.

දියවැඩ්යා රෝගයෙන් පීඩා විදිම්න් සිටි ඔහුට කොරෝනා නිව්මෝනීයා තත්ත්වය හේතුවෙන් පෙනහළු වලදි රුධිරයට ඔක්සිජන් එකතුවිමේ කාබන් ඩයොක්සයිඩ් එකතු වීමේ ගැටලුවක් ඇති වූ බව වෛද්‍යවරු පවසයි.

එවැනි රෝගියකුට ප්‍රතිකාර කිරිමට අත්‍යවශ්‍ය වන එක්මේ යන්ත්‍රයක් ඇති එකම රෝහල කරාපිටිය රෝහල බැවින් ඔහු එලෙස කරාපිටිය රෝහල වෙත යොමු කර තිබිණි.

මිය යන විට ඒ මහතා 32 වැනි වියේ පසුවිය.

මෙම වෛද්යවරයා රාගම ශික්ෂණ රෝහලේ වෛද්යවරයෙකු ලෙස සේවය කරමින් සිටියේය.

වෛද්‍යවරයාගේ මරණය පිළිබද රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයද සංවේගය පල කර තිබේ

Read more

Local News