ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට දින නියම කෙරේ

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2021/22 කාල සීමාව සඳහා නිලධාරී මණ්ඩලය තෝරා පත් කරගන්නා විශේෂ මහා සභාව සහ නිලවරණය මෙම වසරේ මැයි 20දා පැවැත්වීමට නියමිතව තිබේ.

 

එය උදෑසන 10.30 සිට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත බව ක්‍රිකට් නිලවරණ කමිටුව නිවේදනය කළේය.

සභාපති, උපසභාපති ධුර 02ක්, ලේකම්, උපලේකම්, භාණ්ඩාගාරික, උපභාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු සඳහා මෙවර නිලවරණය පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා වන නිල ප්‍රකාශය ඊයේ (04දා) ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව නාමයෝජනා විවෘත කිරීම මෙම මස 24දා සවස 4.00ට සිදු කිරීමට නියමිතයි.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ඡන්ද 147ක් පවතින අතරින් නිලවරණයට සුදුසුකම් ලබා ඇත්තේ ඡන්ද 144ක් පමණයි.

නිලවරණයට අදාළ මාර්ගෝප සටහන මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජික සංගම් සහ ක්‍රීඩා සමාජ වෙත යොමු කර තිබේ.

Read more

Local News