2018 වසරේ ජනවාරි මාසයේ උද්ධමනය පහළට

Share

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඉකුත් වසරේ ජනවාරි මාසයෙන් පසුව වාර්තා වූ අඩුම උද්ධමනය 2018 වසරේ ජනවාරි මාසයේදී වාර්තාවී ඇති බවයි.

වසර 2017 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 6.5ක් වූ උද්ධමනය, ඉන්පසු මාසවලදී ඊට ඉහළ අගයක් ගත් බවත්, මේ වසරේ ජනවාරි මාසයේ උද්ධමනය අඩුවීමට ආහාර කාණ්ඩයේ වියදම්වල මිල අඩුවීම බලපා අැති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ 2018 ජනවාරි මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 5.4%ක් දක්වා අඩු වූ බවයි.

පසුගිය මාසය හා සංසන්දනය කළවිට, 2018 ජනවාරි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා ‘ආපනශාලා හා හෝටල්’, ‘ප්‍රවාහන’, ‘විවිධ භාණ්ඩ හා සේවා’ , ‘අධ්‍යාපන’, ‘සෞඛ්‍ය’ සහ ‘රෙදිපිළි හා පාවහන්’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම වැඩිවීම බලපා ඇත. තවද ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’ සහ ‘මද්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකමෙහි ඉතා සුළු වැඩිවීමක් වාර්තා වේ. මෙම මාසය තුළ ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන, ‘සන්නිවේදන’ සහ ‘විනෝදාත්මක හා සංස්කෘතික’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම නොවෙනස්ව පැවතුණි.

Read more

Local News