පෞද්ගලික බස් වර්ජනය ගැන අද විශේෂ සාකච්ඡාවක්

Share

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර සාකච්ඡාවක් අද(08) පෙරවරුවේ පැවැත්විමට නියම්තයි.

 

පෞද්ගලික බස් රථවල ලීසිං පොලී අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මීට පෙර පැවසීය.

මේ පිළිබඳ අදහස් දැක්වු ගැමුණු විජේරත්න මහතා,

“අපි පසුගිය 2වනදා විරෝධතා ව්‍යාපාරයක් කළා. ඊට සමගාමීව 9 වනදා අපි බස් ධාවනයෙන් ඉවත්වනවා කියලා දැනුම්දීමක් කරලා තිබුණා. කෙසේවෙතත් පසුගිය දින කිහිපය තුළ 50%ක ප්‍රතිලාභයක් ඒ කියන්නේ අපිට යම් සහන තත්ත්වයක් ඇති වුණා. පළාත් සභාවල ගැටලු කිහිපයක් තියෙනවා. බස්නාහිරි පළාත ඇතුළ තවත් පළාත් කිහිපයක ලොග් බලපත්‍ර නොවැම්බර්, දෙසැම්බර් ඉවත්කරන්න ඔවුන් තවමත් කටයුතු කළේ නැහැ. ඒ වාගේම අපි යොජනා කරලා තිබුණා. බස් රථ ප්‍රතිව්‍යුහගත කරන්න අලුත් ස්ථානයක් කළමණාකරණය කරන්න. ඉතින් ඒවාගේ ඉල්ලීම් කිහිපයක් තියෙනවා.අපි ඉල්ලීම් යෝජනා කරලා තියෙන්නේ කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් ඒ වාගේම මහජනතාවට ගුණාත්මක බස් සේවයක් ලබාදීමේ අධිෂ්ඨානයෙන්. අපි බලාපොරොත්තුවෙනවා අද දිනයේ සාකච්ඡාවක් බොහෝ දුරට සාර්ථක වෙයි කියලා.“

Read more

Local News