විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කරයි

Share

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සේවකයින්ට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා බත්තරමුල්ල, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කෙරිණි.

එහිදී නව පත්වීම්ලාභීන් ඇමැතූ අමාත්‍යවරිය මෙසේ සඳහන් කළාය.

”විදේශ රැකියා අමාත්‍යාංශයේ වැඩ කළේ නිර්පාක්ෂිකවයි. රජයේ සේවකයකුට රාජ්‍ය ආයතන තුළ දේශපාලනය කරන්න බෑ. පුද්ගලිකව දේශපාලනය කරන්න පුළුවන්. මගේ අමාත්‍යාංශ දෙක ඕනෑම වෙලාවක බාර දෙන්න සූදානම්. වෛරය, කුහකකම නිසා රට පස්සට ගිහින් තිබෙනවා. රජයේ වැටුප් ලබන අය හැටියට කුමන රජයකට වුවත් වැඩ කරන විට දිය යුතු උපරිම ශක්තියෙන් කටයුතු කරන්න. අප වැඩ කළේ යහපාලනය ඇති කරන්නයි. ඔබට වැටුප් ගෙවන්නේ පිටරට යන ශ්‍රමිකයන්ගේ මුදල්වලින්, නැතිනම් බදු මුදල් වලින්” යැයි අමාත්‍යවරිය පැවසුවාය.

Read more

Local News