ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන 23 වැනිදා කොදෙව් දේශයට

Share

පෙබරවාරි මස 23 වැනි අළුයම බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

 

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පන්දුවාර විස්සයි-විස්ස තරග 3 කට, එක්දින තරග 3 කට සහ ටෙස්ට් තරග 2 කට සහභාගි විමට නියම්ත අතර තරගාවලියේ පළමු තරගය මාර්තු මස 03 වැනිදා ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයෙන් ආරම්භවේ.

මාර්තු මස 03 සහ 05 යන දෙදිනදී දෙවැනි සහ තෙවැනි විස්සයි-20 තරග පැවැත්වෙන අතර එම තරග සියල්ලම ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බව වාර්තා වෙයි.

එක්දින තරඟ 3 පිළිවෙලින් මාර්තු 10,12 සහ 14 වැනිදා ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු පැවැත්වෙනු ඇත. අවසන් එක්දින තරඟය දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

මාර්තු 21 වැනි දින පළමු ටෙස්ට් තරගයටද මාර්තු 29 වැනි දින දෙවැනි ටෙස්ට් තරගයකද ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Read more

Local News