ට්‍රම්ප් ප්ලාසා සහ කැසිනෝ කඩා ඉවත් කෙරේ

Share

නිව් ජර්සි මුහුදු තිරය ආසන්නයේ පිහිටි  හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ට්‍රම්ප් ප්ලාසා සහ කැසිනෝ ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් කඩා ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

බදාදා උදෑසන ඩයිනමයිට් පිපිරුම් යොදා ගනිමින් සිදු කළ පිපිරුමෙන් මහල් 34ක ගොඩනැගිලි කුළුණ කඩා වැටීමට ගත වූයේ තත්පර කිහිපයක් පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1984 වර්ෂයේ දී ආරම්භ කෙරුණු මෙම ට්‍රම්ප් ප්ලාසා ගොඩනැගිල්ල හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දේපල වෙළදාම් ව්‍යපාරයේ ප්‍රධාන ස්ථානයකි.

මෙම කැසිනෝ ව්‍යාපාරික කටයුතු 2014 වර්ෂයේදී වසා දැමුණු අතර පසුව එහි නඩත්තු කටයුතු සිදුනොකිරිම හේතුවෙන් මෙලෙස ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිමට සිදුවූ බව නගර බලධාරීන් ප්‍රකාශ කළේය.

Read more

Local News