නිරෝධානය වන නිවෙසක නම් ඉන් බැහැර යාම සපුරා තහනම්

Share

මේ වන විට කොරෝනා වෛරස තත්ත්වය පැතිර තිබෙන අතර දෛනික වශයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන් ප්‍රමාණයද ඉහල ගොස් තිබේ.

 

මේ අතර කොරෝනා ආසාදිත හා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වීම නිසා ස්වයං නිරෝධානයට යොමු කර ඇති නිවෙස්වල ‘නිරෝධානය වන නිවෙසකි‘ යනුවෙන් අලවා ඇති දැන්වීම සෞඛ්‍ය බලධාරීන් ඉවත් කරන තෙක්ම කිසිවකු එම නිවෙස්වලින් බැහැර යෑම සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මාධ්‍යයට ඊයේ (18) පැවසීය.

නිරෝධායනයට යොමු කර සිටින පිරිස් එම නිවෙස් හා පරිශ්‍රවලින් බැහැරට පැමිණෙන බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇති බවත් එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය යටතේ ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේය.

එමෙන්ම අජිත් රෝහණ මහතා වැඩ්දුරටත් පැවසුවේ සියලු ජනතාව නිරතුරුවම සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් එසේ නොකරන්නේ නම් දැඩ්ව නීතිය ක්‍රියාත්මක කරන බවත්ය.

Read more

Local News