කාන්තාවකට නියෝජ්‍ය පොලිස්පතිකම ලැබීම ගැන ආඩම්බර විය යුතුයි : ඇමති සරත් වීරසේකර

Share

කාන්තාවකට නියෝජ්‍ය පොලිස්පතිකම ලැබීම ගැන අපි ආඩම්බර විය යුතු යැයි මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර ඊයේ දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

 

මෙරට ප‍්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස උසස්වීම් ලබා සිටින බිම්ශානි ජාසිංහ ආරච්චිට ලබාදී තිබෙන උසස්වීම අභියෝගයට ලක්කරමින් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

එහිදී අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ

” මේ සිද්ධිය ගැන මම ඉතාමත් කනගාටු වෙනවා. පොලිසියක් ලෙස අපි ආඩම්බර වෙන්න ඕනෑ කාන්තාවකට මෙවැනි තනතුරු ලැබීම ගැන. මේ ගැන පුද්ගලිකව මම කනගාටු වෙනවා. මේ කාන්තාවට ජාත්‍යන්තර සම්මානයක් පවා ලැබී ගෞරවයට පාත‍්‍රවෙලත් තියෙනවා. මේ නඩුව සම්බන්ධයෙන් මම මුකුත් කියන්න දන්නෙ නැහැ” යැයි සදහන් කළේය.

Read more

Local News