දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව

Share

මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශවලදී ද සැකකරුවන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටපත්ව තිබේ.

 

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ද ඊයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබූ අතර එහිදී නීතිවිරෝධී මත්පැන් වැරදිවලට සම්බන්ධ 15 දෙනෙකු, මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි එක් පුද්ගලයෙක්, වරෙන්තුකරුවන් 7 දෙනෙක්, ගිනිඅවියක් සමග එක් පුද්ගලයෙක් ආදී වශයෙන් විවිධ වැරදි සම්බන්ධයෙන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් 130කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (21) දිනයේ සිදුකර තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read more

Local News