ඩීසල් හිඟයක් නෑ – ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව

Share

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීන්නේ රට තුළ කිසිදු ඩීසල් හිඟයක් නොමැති බවත් ඩීසල් හිඟයක් ඇති බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කරන පාර්ශ්වයන්ට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කර රට අස්ථාවර කිරීමේ අරමුණින් රට පුරා ඩීසල් හිඟයක් පවතින බවට අසත්‍ය ප්‍රචාරයක් මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවියක සහ විවිධ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙන යන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත දැනගැනීමට ලැබී ඇත.

කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තය හා මුතුරාජවෙල තොග ගබඩාවන්වල ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් ඇතුළු අනිකුත් අවශ්‍ය සියලුම ඉන්ධන ප්‍රමාණවත් තොග සංචිත මේ වනවිට සංස්ථාව සතුව පවතී. ඒ පිළිබඳ අනේක බියක් මහජනතාව තුළ ඇති නොකර ගන්නා ලෙස සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කරන පාර්ශවයන්ට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අපරාධ විමර්ශන අංශය වෙත ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මේ වනවිට පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය කටයුතු කර ඇත.

Read more

Local News