සිංහල හා දෙමළ භාෂා වලින් රාජකාරී කළ හැකි, භාෂා සහයකයින් 3000ක් බඳවා ගැනීමට පියවර

Share

සිංහල හා දෙමළ භාෂා වලින් රාජකාරී කළ හැකි, භාෂා සහයකයින් 3000ක් බඳවා ගැනීමට ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය කටයුතු කිරීමට නියමිතය.

සිය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය ආයතන වෙත පැමිණෙන ජනතාවට මුහුණ පෑමට සිදු වන භාෂා ගැටළු විසඳා ඔවුන්ට යහපත් සේවයක් සැලසීම පිණිස මෙම භාෂා සහායකයින් සෑම රජයේ ආයතනයකටම පත් කිරීමට නියමිතය.

මෙහිදී උතුරු නැගෙනහිරට පුමුඛත්වය ලබාදෙන අතර, එම පළාත්වල පොලිස් ස්ථාන, පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මහජනය වැඩිපුර පැමිණෙන රජයේ ආයතනවලට එක් භාෂා සහායකයා බැගින් පත් කරනු ලැබේ.

මෙම භාෂා සහායක තනතුරු සඳහා අ.පො.ස උසස් පෙළ සමත්, විශ්ව වද්‍යාල වලට අැතුළත්වීමට නොහැකි වූ අය බඳවා ගැනේ. මේ සඳහා ළගදීම අයදුම් පත් කැඳවනු ලබන අතර අයදුම්කරුවන් සිංහල සහ දෙමළ භාෂා වලට අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සම්මාන සාමාර්ථ ලබාගෙන තිබිය යුතුය.

භාෂා සහායකයින් අදියර කිහිපයකින් බඳවාගෙන ප්‍රථම අදියරේදී 500ක් තෝරාගෙන ඔවුන්ය රජයේ විද්‍යපීඨ වලදී හයමසක පුහුණුවක් ලබා දීමට ද නියමිතය.

Read more

Local News