දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ අවසන් කටයුතු 8 දා කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී

Share

දැයම පුබුදුවාලමින් රට, දැය, සමය වෙනුවෙන් ඉමහත් වූ සේවාවක් ඉටු කළ කොළඹ, සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වූහ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (03) අලුයම අපවත් වී තිබෙන උන් වහන්සේගේ ශ්‍රී දේහය පෙරේදා (03) රාත්‍රි 10 ට පමණ සම්බෝධි විහාරස්ථානයට වැඩම කරවූ අතර එයින් අනතුරුව රාත්‍රි 12න් පසු ජනතාවට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබාදී තිබේ.

කලක් රෝගාතුරව සිටි කුසලධම්ම නාහිමියන් අපවත් වන විට 54 වන වියෙහි පසූ වූ අතර සමාජයීය හා ශාසනික වශයෙන් උන් වහන්සේ ඉටු කළ මෙහෙය අති විශාලයි. ශාසනික මෙන්ම සාමාජයීය වශයෙන් ද විශාල සමාජ මෙහෙවරක නිරත වූ කුසලධම්ම ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලීන පැවිදි දිවිය තුළ ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍යයන් ඔස්සේ සැදැහැවතුන්ට බෞද්ධ දර්ශනය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමට කටයුතු කළහ.

අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මේ 8 දා පස්වරු 2.30 ට රජ්‍ය අනුග්‍රහයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කිරීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර 08 දින පස්වරු 1.30ට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් පිටත්වීමට නියමිත අතර ආදාහන පූජෝත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අසල ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

Read more

Local News