2017 වසර තුළ ප්‍රතිලාභීන් 67 දෙනෙකු සඳහා ණය පහසුකම් – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

Share

දියවර දිරිය සහන ණය යෝජනා ක්‍රමය මඟින් 2017 වසර තුළ ප්‍රතිලාභීන් 67 දෙනෙකු සඳහා ණය පහසුකම් ලබාදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ධීවර අමාත්‍යාංශය 2017 වසරට නිකුත් කළ කාර්යසාධක වර්තාවේ සඳහන් වන්නේ ‍එහි වටිනාකම රුපියල් මිලියන  171.52ක් බවයි.

ධීවර ප්‍රජාව උදෙසා ලබාදෙන සහන ණය හා රක්ෂණය තුළින් සිය රැකියාවේ ගුණාත්මක වර්ධනයක් ඇතිකර ගැනීමට අවශ්‍ය ආධාරය හා ආරක්ෂාව ලබාදීම මෙහි අපේක්ෂාවයි.

2017 වසරේ ක්‍රියාත්මක කරන ලද ධීවර යාත්‍රා රක්ෂණය දී රක්ෂණය වූ මුළු ධීවර යාත්‍රා සංඛ්‍යව 17,831කි. ධීවර රක්ෂණ ක්‍රමය යටතේ ධීවර කාර්මිකයන් 49,848ක් රක්ෂණය කර ඇත.

ජාතික රක්ෂණ භාරකාර අරමුදල යටතේ මෙම වසරේ දී ප්‍රතිලාභීන් 14 දෙනෙකුට ලක්ෂ 10 බැගින් වන්දි ප්‍රදානය කරනු ලැබ ඇති අතර දිවි සයුර රක්ෂණය යටතේ ප්‍රතිලාභීන් 132ක් වෙත ප්‍රතිලාභ පිරිනමා ඇති බව කාර්යසාධ වාර්තාව පෙන්වා දෙයි.

Read more

Local News