තෙල්දෙණිය ප්‍රදේශයේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් ජනතාව ප්‍රකෝප වන ආකාරයේ ප්‍රකාශ හෝ වගකීම් රහිත ප්‍රකාශ නොකරන්න

Share

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා අද (06) පැවැති මධ්‍යම පළාත් සභා රැස්විමේ දී තෙල්දේණිය ප්‍රදේශයේ උද්ගතව ඇති තත්වය පිළිබඳව ප්‍රකාශ කළේ, මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් ජනතාව ප්‍රකෝප වන ආකාරයේ ප්‍රකාශ හෝ වගකීම් රහිත ප්‍රකාශ නොකරන ලෙසයි.

අදාළ සිදුවිම සම්බන්ධයෙන් විධිමත් හා සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්විමට ජනාධිපතිවරයා විසින් මේ වන විටත් පොලිසිය ඇතුළු වගකිව යුතු අංශ වෙත සියලු උපදෙස් ලබා දී ඇති බැවින් සිද්ධිය පිළිබඳව පෞද්ගලික අර්ථකතන එක් කිරිම හා මතවාද පැතිරවිම නුසුදුසු බව ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදි. ගැටළුවට සම්බන්ධ සියලු පාර්ශවයන් ලංකාවේ පුරවැසියන් වන බැවින් සියලු ම දෙනා ඉතා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු බව ද පෙන්වා දෙන ලදි.

Read more

Local News