ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම උදෙසා ජාතික ක්‍රියාකාරී සැලැස්මක්

Share

ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම උදෙසා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳ ව මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුම්වත් කෙරේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී අද (8) මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් පැවැත්විණි.
එම අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 2017 වසරේ දී පැමිණිලි 2768ක් ලැබී ඇති බවයි.
එමෙන් ම 2016 වසරේ දී පැමිණිලි 3450ක්, 2015 වසරේ දී 3964ක්, 2014 වසරේ දී 2345ක් වශයෙන් පැමිණිලි ලැබී ඇත.
මෙලෙස ලැබෙන පැමිණිලි අතුරින් 60% – 70%ත් අතර ප්‍රමාණයක් ම ඉදිරියට ගෙන යා නොහැකි මට්ටමේ පැමිණි බව පෙන්වාදෙන අධ්‍යක්ෂ ජනරාල්වරයා සමාජ මට්ටම නොතකමින් හඳුනාගත් සියලු දෙනා වෙත නඩු පැවරීම සිදු කොට ඇතැයි ද පැවසීය.
ඒ අනුව 2017 දී 73ක්, 2016 දී 83ක්, 2015 දී 108ක් වශයෙන් නඩු පවරා තිබෙන බවද අධ්‍යක්ෂ ජනරල්වරයා සඳහන් කළේ ය.

Read more

Local News