ජැකලින් ‘බාගී’ දෙවැනි චිත්‍රපටයට

Share

මේ දිනවල ‘රේස්’ තුන්වැනි චිත්‍රපටය නිසා කාර්යබහුලව සිටින ජැකලින් ෆර්නැන්ඩේස් එළැඹෙන මාර්තු 31 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත ‘බාගී’ දෙවැනි චිත්‍රපටයේ ‘අයිටම්’ ගීතයක් සඳහා පෙනී සිටීමට කැමැත්ත පළ කර ඇත.

මෙම ගීතයේ රූපගත කිරීම් පසුගියදා සිදුකළ අතර, එම ගීතය 1989 වසරේ මධුරි ඩික්සිත් රඟපෑ ‘තේසාබ්’ චිත්‍රපටයේ එන ගීතයක් බව සඳහා වේ. ‘ඒක්.. දෝත්.. ත්‍රී’ නම් වූ මෙම ගීතය 1989 වසරේ අතිශය ජනප්‍රිය වූ ගීතයක්ද වේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධව අදහස් දක්වමින් ජැකලින් පවසා ඇත්තේ මධුරිට තරම් තමාට ඒ ගීතයට කිසිදා සාධාරණයක් කළ නොහැකි බවය.

source: saaravita.lk

Read more

Local News