අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් – පාසල් විෂය මාලාවට සෞන්දර්යය විෂයයන්

Share

ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ‘හරිත සතිය’ නිමිත්තෙන් පවත්වුනු ලැබු පාසල් සිසුන්ගේ රචනා හා චිත්‍ර තරඟාවලියේ ත්‍යාග ප්‍රදානොත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ඊයේ (26) සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ,

දරුවන්ගේ කලා කුසලතා වර්ධනය කිරිමේ අරමුණින් පාසල් විෂය මාලාවට සෞන්දර්යය විෂයයන් ද අනිවාර්යය කරමින් අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් සිදු කෙරෙමින් පවතින බවයි.

විභාග ඉලක්ක කරගෙන සිදු කෙරෙන අධ්‍යාපනය නිසා දරුවන්ගේ නිර්මාණ ශක්තින් නැතිව යන බවත් එැවින් පාසලේ දි ගණිතය, විද්‍යාව වැනි විෂයයන්ට ඇතිවන උන්න්දුව නැටුම්, චිත්‍ර හා සංගිතය විෂයයන්ට ද තිබිය යුතු බවත්, ලේකම් වරයා පැවසීය.

දරුවන්ගේ නිර්මාණ හැකියාවන් වර්ධනය කිරිම ගැන දෙමාපියන් ද උනන්දු විය යුතු අතර ඒ සඳහා ඔවුන්ට වගකිමන් තිබෙනවා. දරුවන්ගේ කලා කුසලතා වර්ධනය කිරිම සඳහා ඉදිරි කාලයේ දි සෞදර්යය අධ්‍යාපන මධ්‍යස්ථාන 100 ක් ආරම්භ කිරිමට ද අමාත්‍යාංශය කටයුතු කරගෙන යන බව ද හෙට්ටිආරච්චි මහතා කිය.

එමෙන් ම නුදුරේ දී ම සිසුන් පාසල්දීම අධ්‍යාපන හැදෑරීමට සිදුවන්නේ අයිපෑඩ්, ලැප්ටෝප් ආදිය උපයෝගි කරගෙන බවත් මෙහිදි ගුරුවරුන් සිදු කරන්නේ ඔවුන්ට සහාය දැක්විම පමණක් බවත් ලේකම්වරයා පැවසිය.

ප්‍රවිණ චිත්‍ර ශිල්පි ශාන්ත කේ.හේරත් මහතා ද මෙහිදි කතා කළ අතර ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ උසස් නිලධාරින් සහ පසල් සිසු සිසුවියන් රැසක් ච මෙම අවස්ථාවට සහභාගි වුහ.

Read more

Local News