පාසල් ශිෂ්‍ය ප්‍රජාව අතර ඩෙංගු රෝගය පැතිරයාම වැළැක්වීම සදහා Mobile app එකක්

Share

ශ්‍රී ලාංකික පාසල් ශිෂ්‍ය ප්‍රජාව අතර ඩෙංගු රෝගය පැතිරයාම වැළැක්වීම සදහා සටන් කිරිමට නිර්මාණශීලි Mobile app එකක් හදුන්වාදීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (27) පෙරවරුවේ සිදු කෙරිණි.

ඩෙංගු රෝගයෙන් මිදුණු දරුවෙක්” (Dengue Free Child) නමින් මෙම app එක නිර්මාණය කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ විශ්ව විද්‍යාලය, සිංගප්පූරුවේ Nanvang තාක්ෂණ විශ්ව විද්‍යාලය සහ මොබිටෙල් ශ්‍රී ලංකා ආයතනය ඒකාබද්ධවයි. මෙම app එක මගින් වඩාත් ක්‍රියාකාරී ලෙස ඩෙංගු රෝගය සහ සැකකටයුතු ආකාරයෙන් පවතින උණ තත්ත්වයන් වාර්තා කිරීමේ හැකියාව භාවිත කරන්නන්ට ලබා දී ඇත. ඒ ඔස්සේ ආසාදිත ප්‍රදේශයන් වෙත ගොස් අදාල ක්‍රියාමාර්ගයන් ගැනීමටත්, මදුරුවන් බිත්තර දමන සහ මදුරු කීටයන් වාසය කරන ස්ථාන විනාශ කිරීමටත් හැකියාව ඇත.
මෙම තොරතුරු භාවිතයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවධානමක් පවතින ප්‍රදේශවල සිටින දරුවන් සහ දෙමාපියන් ඒ පිළිබඳව දැනුවත් කරමින් ඩෙංගු රෝග ලක්ෂණ ඔවුන්ගෙන් දිස්වන්නේ දැයි අවධානයෙන් සිටින ලෙසට ඔවුන්ට දැනුම් දිය හැකි වෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු රෝග පාලන ඒකකය මගින් රැස් කරන ලද දත්ත වලට අනුව 2017 වසරේ ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් පැමිණි සියලුම රෝගීන්ගෙන් සියයට 30 ප්‍රතිශතයක් දරුවන් වෙයි. ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති පාසල් 10,000 ක ආසන්න වශයෙන් දරුවන් මිලියන 4.4 ක් අධ්‍යාපනය ලබති. උදය කාලයේ දී ඩෙංගු මදුරුවා සක්‍රීය වන බැවින් දරුවන් ආරක්ෂා කිරීමට විධිමත් වැඩපිළිවෙළක් දියත් කිරීමේ අවශ්‍යතාවය අැත.
2018 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 13,479 ක් වාර්තා වී ඇත. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. 2017 වසරේ ගත වූ මාස 02 තුළ හමු වූ රෝගීන්ගේ 33,191 කි. පසුගිය වසර හා සසැදීමේ දී එය සියයට 50 ක අඩුවීමකි.

Read more

Local News