චීන රාජ්‍ය ඩිප්ලෝමා සම්මේලනය (CPDA) සංවිධානය කරන 2018 මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේ.
මෙම වැඩසටහන 2016 වර්ෂයේ ආරම්භ විය.
ඒ අනුව මෙවර එය පැවැත්වෙන්නේ තුන්වන වරටයි. වැඩසටහන් කාලය මාස දහයකි. ඒ සදහා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලින් හා ආසියා පැසිපික් කලාපයේ රටවලින් මෙවර තෝරාගෙන ඇති මාධ්‍යවේදීන් සංඛ්‍යාව 16 කි.
මීට අමතරව අප්‍රිකානු කලාපයේ රටවලින් ද මාධ්‍යවේදීන් 30 දෙනෙකු සහභාගී වී සිටී. චීනය හා අනෙකුත් රටවල් අතර සමීප සබදතා තරකර ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.
එහි සමාරම්භක උත්සවය ඊයේ (27) පැවැත්වුනේ, චීනයේ බීජිං නුවරදීයි.
චීන රාජ්‍ය ඩිප්ලෝමා සම්මේලනයේ උප සභාපති හූ ජවන්ගො මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
මීට අමතරව සාම්ප්‍රදායික චීන සංස්කෘතිය පිළිබඳව අවබෝධය ලබගත හැකිය. සමාජ, ආර්ථික, දේශපාලන ආදි ක්ෂේත්‍ර පිළීබදව විශේෂ දේශනද සංවිධානය කර ඇත.
චීනයේ ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානය (CIPC), චීන – ආසියා පැසිපික් මාධ්‍ය කේන්ද්‍රය (CAPPC), චීන – අප්‍රිකා මාධ්‍ය කේන්ද්‍රය (CAPC) යන ආයතන ඒකාබද්ධව මෙම මාධ්‍ය හුවමාරු වැඩසටහන මෙහෙයවයි.