මරණයෙන් පසුව අවයව බද්ධ කිරීමේ ජාතික වැඩසටහනක්

Share

මරණයෙන් පසුව අවයව බද්ධ කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ව ඇත.
මොළය මියගිය පුද්ගලයින්ගේ අවයම බද්ධ කිරීම ලොව පුරා සිදු කෙරෙමින් පවතින ශල්‍යකර්මයක් වන නමුත් ශ්‍රී ලංකාවේ එලෙස අවයව දන්දීම සඳහා මරණයට පෙර කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් වසරකට 750 – 1000ත් අතර ප්‍රමාණයකගේ අවයව ප්‍රයෝජනයට ගැනීමකින් තොරව මිහිදන් කෙරෙන බැවින් මරණයෙන් පසු ව අවයව පරිත්‍යාග කිරීම සඳහා කැමැත්ත පළ කිරීමට අවස්ථාව සලසා දීම රජයේ වගකීමක් ලෙස සලකා මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ව ඇත.
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම 2500කට වැඩි පිරිසක් මෝටර් රථ හදිසි අනතුරු හේතුවෙන් මියයන බවට ගණන් බලා ඇත.
ඔස්ට්‍රේලියාව, ප්‍රංශය හා ලෙබනනය යන රටවල් සිය ජාතික දත්ත පද්ධති යොදාගනිමින් මෙම කාර්යය සිදුකරන අතර අන්තර්ජාලය, දුරකථන, කෙටි පණිවිඩ ආදිය මගින් අවයව දන්දීමේ දත්ත පද්ධතිය සඳහා ලියාපදිංචි වීමේ අවස්ථා රැසක් එක්සත් රාජධානිය වැනි රටවල් විසින් සලසා දී ඇත.

Read more

Local News