තිරසාර සංවර්ධනය වෙනුවෙන් කාන්තාව සවිබල ගැන්විය යුතුයි – නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය

Share

ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත කල්තබන ලද විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ කරමින් ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පැවසුවේ කාන්තාවන් සවිබල ගන්වන්නේ නැතිව තිරසාර සංවර්ධනයක් සිදු කළ නොහැකි බවයි.

තිරසර සංවර්ධනයට සැමගේ කැපවීම අත්‍යාවශ්‍යයි. ජනවර්ගය,ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව, කාන්තා දායකත්වය වැදගත්. කාන්තාවන් සවිබල ගන්වන්නේ නැතිව තිරසාර සංවර්ධනයක් කරන්නට නොහැකියි. කාන්තාව සවිබල ගැන්වීමට රජය විශාල වැඩකොටසක් සිදු කරනවා. සමෘද්ධිය බලාගෙනම රටේ ආර්ථිකය ගැන සිත සිත ඉන්න බෑ. කාන්තාව සවිබල ගැන්වීම තුළ පවුල දරුවන් ශක්තිමත් වෙනවා. කාන්තාවට තවත් අයිතිවාසිකම් ලබාදිය යුතු වෙනවා. කාන්තාවට ඉඩම් අයිතිය ලබාදිය යුතු වෙනවා. සෑම අමාත්‍යාංශයක්ම තිරසාර සංවර්ධනයට දායක වෙනවා.

ගෝලීය දේශගුණය වෙනස් වීමත් තිරසාර සංවර්ධනයට බලපානවා. දේශගුණය වෙනස්වීම්වලට විසඳුම් සෙවීමත් අතිශය වැදගත් වෙනවා. 2016-2017 දක්වා විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. අපේ රටේ සියලු ජනතාවගේ කැපවීම, පාර්ලිමේන්තුවේ කැපවීම, අමාත්‍යාංශයේ කැපවීම අතිශය වැදගත්.මේ සඳහා මණ්ඩලයක් සකස් වෙනවා.අපේ රටේ දරිද්‍රතාවය, සෞඛ්‍ය ප්‍රශ්නය, මේවාට විසඳුමක් ලබාදී තිරසාර සංවර්ධනය වසර 2030 වනවිට තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරිය පැවසී ය.

Read more

Local News