උත්සව සමයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට

Share

උත්සව සමයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් සතොස ආරම්භ කර ඇත.

කර්මාන්ත හා වානිජ කටයුතු පිළීබඳ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් මත අත්‍යාවශ්‍ය භාණ්ඩ වන සහල් , පරිප්පු, අල, ලූනු, සැමන් ඇතුළු භාණ්ඩ රැසක් සතොස මඟින් සහන මිලට ජනතාවට ලබා දීමේ පහසුකම් සලසා ඇත.

අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට අමතරව කිරිපිටි, සබන් ඇතුලු වෙනත් භාණ්ඩ රැසක් සඳහා වට්ට්ම් ලබා දීමට එම භාණ්ඩ නිෂ්පාදිත ආයතන එකගතාවය පළ කර ඇති අතර එම භාණ්ඩ සතොස ශඛා මඟින් වට්ටම් සහිතව මිලදී ගැනිමට හැකියාව ඇත.

මෙයට අමතරව දුම්රිය ස්ථාන, රාජ්‍ය කාර්යාල අසළ මෙන්ම මගී ජනතාව විශාල ලෙස ගැවසෙන ස්ථාන අසළ සතොස ලොරි රථ මගින් සහන මිලට භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇත.

Read more

Local News