පාර්ලිමේන්තුවේ නව සැසිවාරයට විශාල මුදලක් වැය කරනු ලබන බවට කර ඇති ප්‍රකාශය අසත්‍යයක්

Share

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා අති විශාල මුදලක් පාර්ලිමේන්තුව විසින් වැය කරනු ලබන බවට ඇතැම් පාර්ශවයන් විසින් මාධ්‍යයට කර ඇති ප්‍රකාශ මුළුමණින්ම සත්‍යයෙන් තොර බව කතානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මැයි 08දා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භවනුයේ දිවා ආහාරයෙන් ද පසුව බැවින්, අමතර ආහාර පාන සඳහා හෝ පාර්ලිමේන්තුව විසින් කිසිඳු මුදලක් වැය කරනු නොලබන අතර, එදින ද සාමාන්‍ය පාර්ලිමේන්තු පැවැත්වෙන දිනක පාර්ලිමේන්තුවේ කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තුව මගින් වැය කරනු ලබන මුදල හා සමාන මුදලක් පමණක් වැය වනු වනු ඇති බව සඳහන් කරයි.

Read more

Local News