සනීපාරක්ෂක පහසුකම් නොමැති විහාරස්ථානවලට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර

Share

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, සනීපාරක්ෂක පහසුකම් නොමැති බවට වාර්තාවන විහාරස්ථානවලට වැසිකිළි පහසුකම් ලබාදීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලින් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බවයි.

අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් සනීපාරක්ෂක පහසුකම් නොමැති විහාරස්ථාන සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවයි.

මීට අමතරව උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි ඓතිහාසික වටිනාකමක් සහිත සියලුම ආගමික ස්ථාන සංරක්ෂණය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා පැවසීය.

Read more

Local News