ඩයිනමයිට් යොදා මරන ලද මසුන් සමඟ ව්‍යාපාරිකයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

Share

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේ, ඩයිනමයිට් යොදා මරන ලද මසුන් ඇතැම් මත්ස්‍ය ව්‍යාපාරිකයින් විසින් අලෙවි කරන බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීම්වලින් ව්‍යාපාරිකයින් සිව්දෙනෙක් විසින් අලෙවි කිරීමට රැගෙන විත් තිබු ඩයිනමයිට් යොදා මරන ලද මසුන් කිලෝ ග්‍රෑම් 3000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය, ශ්‍රී ලංකා පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව අද දින (25) පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ මෙම විශේෂ වැටලීමක් ක්‍රියාත්මක කළේය.

එමෙන්ම ඇල්ලීමට තහනම් කර ඇති තඹුවා නැමැති මත්ස්‍ය විශේෂයට අයත් මත්ස්‍යයෙක් ඇතුළු මත්ස්‍ය ප්‍රවාහනය සිදු කළ ලොරියක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඩයිනමයිට් යොදා මසුන් මැරීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් මුළුමනින්ම තහනම් කර තිබේ. එමෙන්ම ඩයිනමයිට් යොදා මරන ලද මසුන් අලෙවි කිරීම, ප්‍රවාහණය, ලග තබාගැනීම, මෙන්ම ප්‍රදර්ශනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.

 

Read more

Local News