කටුනායක ගුවන්තොටුපලේ ගබඩාවක ගින්නක්

Share

කටුනායක ගුවන්තොටුපලේ විදුලි උපකරණ ගබඩා කර තිබූ ගබඩාවක ගින්නක් හටගෙන තිබේ.

අද (09) අලුයම හටගත් මෙම ගින්න ගුවන් තොටුපල ගිනි නිවන ඒකකය මඟින් නිවා දැමූ බව ගුවන්තොටුපල පොලිසිය පවසයි.

කෙසේවෙතත් මෙම ගින්නෙන් ගුවන්තොටුපලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති අතර ගුවන් ගමන් කටයුතුවලට ද බලපෑමක් වී නොමැති බව කටුනායක ගුවන්තොටුපල පවසයි.

Read more

Local News