කටුනායක ගුවන්තොටුපොළම වයිෆයි ලබාදීමට ඉදිරියේදි කටයුතු කරනවා – අමාත්‍ය අශෝක අබේසිංහ

Share

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ,

ලංකා බැංකුවෙන් පමණක් පසුගිය අවුරුදු කාලයේ දි එනම් අප්‍රේල් 01 වැනිදා සිට 16 වැනිදා දක්වා ජනතාව ඒ.ටී.එම්. යන්ත්‍රවලින් පමණක් රුපියල් බිලියන 36 ක් මුදල් අරගෙන තිබෙනවා. බැංකු ගනුදෙනු රට තුළ හොඳට සිදු වන බව එයින් පැහැදිලි වෙනවා. වයිෆයි ගැන කතා කළා. කටුනායක සමස්ත ගුවන්තොටුපොළටම වයිෆයි ලබාදීමට ඉදිරියේදි කටයුතු කරනවා.

ආරක්ෂක නිලධාරින් ගැනත් සොයා බලනවා. ගුවන්තොටුපොළ සහ සිවිල් ගුවන්සේවා අධිකාරිය ලාභ ලබන ආයතන බවට පත්ව තිබෙනවා. තාවකාලික පර්යන්ත ගොඩනැඟිල්ල සැකසීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. අනාගතයේදි ස්ථිර එකක් හදනවා. ධාවන පථය නවීකරණය කර තිබෙනවා. තිබෙන ධාවන පථය මීටර් 15 බැගින් දෙපැත්තෙන් වැඩි කිරීමක් කරනවා. ව්‍යාපාරිකයන්ට, ජනතාවට බාධාවක් නොවන පරිදි දෙවැන ධාවන පථය හදන්න බලාපොරොත්තු වෙනවා. ගුවන්තොටුපොළේ නීතිය ක්‍රියාත්මක කරමින් තැරැව්කරුවන්ගෙන් වන හිරිහැරිය අවම කිරීමට කටයුතු කරනවා.

Read more

Local News