දිවයිනේ බොහෝ පළාත්වලට තවදුරටත් වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.

දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Read more

Local News