ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ 06කට සුළු ගංවතුර තත්ත්වයක් සහ සුළු නායයාම්

Share

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ 06කට අද (21) උදැසන වන විට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබු අතර, එයින් පවුල් 23ක පුද්ගලයින් 100 දෙනෙකු පිඩාවට පත්වි ඇතැයි ගාල්ල ආපදා ඒකකය පවසයි.

කරන්දෙණිය, වැලිවිටිය දිවිතුර, අක්මිමණ, ඇල්පිටිය, හබරාදුව සහ අම්බලන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි එම තත්වයන් වාර්තා වේ. නමුත් මේ වන විට ගාල්ල නෙළුව, තවලම යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයන්හි ජලය බැස යමින් ඇති බවද එම ඒකකය පෙන්වා දෙයි.

මේ අතර හබරාදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මිපේ ප්‍රදේශයේ සුළු නායයාම් කිහිපයක් හටගෙන ඇති අතර, මේවායේ පදිංචි අය වෙත ඉවත්වෙන ලෙස මිට පෙර අනතුරු ඇගවිම් සිදු කර ඇත.

හබරාදුව එක් නිවෙසකට පුර්ණ හානි සිදුව ඇති බවත් දිස්ත්‍රික්කයේ නිවාස 22කට අර්ධ හානි සිදුව ඇතැයි ද ආපදා ඒකකය වැඩිදුරටත් සදහන් කර සිටි.

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමෙන්තුව විසින්, දිස්ත්‍රික්කයේ මෝය කටවල් කිහිපයක් මේ වන විටත් විවෘත කර ඇත.

අද සවස් වන විටද වැසි තත්වයක් උදා වුවහොත් එය ගංවතුර තත්ත්වයක් උද්ගත වුවහොත් ගාල්ල ආපදා ඒකකය ඒ සඳහා හඳුනාගෙන ඇති අනාරක්ෂිත ස්ථාන සඳහා අවශ්‍ය ජිවිතාරක්ෂක බොට්ටු සහ ජිවිතාරක්ෂක නිලධාරීන් ස්ථානගත කර ඇතැයිද පෙන්වා දෙයි.

කෙසේ වූවද අද දහවල් වන තෙක් ගාල්ලට වැසි සහිත කාලගුණයක් දක්නට නොලැබුනු අතර සවස් වන විට වැසි තතවයක් අපේක්ෂා කළ හැකි බවටද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දක්වා ඇති දත්තයන් මත ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට සකස් කර ඇති අතර, ගාල්ල වැඩබලන දිසා පති ප්‍රදිප් රත්නායක මහතා විසින් ඒ සදහා වන ක්ෂණික වැඩපිලිවෙලක් සකස් කොට ක්‍රියාත්මක කිරිම සදහා වෙන වෙනම, කමිටු සකස් කොට පුර්ව සුදානමකට ලක් කොට ඇත.

Read more

Local News