ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ,
වනාන්තර ආරක්ෂා කිරීමට විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙන බවත් උතුරේ වනාන්තර විනාශ කිරීම නතර කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
උතුරු පළාතේ වනාන්තර විනාශ කිරීම නතර කිරීමට චක්‍රලේඛන මේ වනවිටත් නිකුත් කර ඇත. වනාන්තර හෙළි කිරීම සොයාබැලීමට ගුවනින් නිරීක්ෂණයටත් උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව වනාන්තර ආරක්ෂා කිරීමට ජී.පි.එස්. තාක්ෂණය ඔස්සේ රක්ෂිත පරීක්ෂා කරනවා. වනාන්තර ආරක්ෂා කිරීමට විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසී ය.