පෙර සූදානම නිසා හානිය අවම කර ගැනීමට හැකි වුණා

Share

පසුගිය වසරේ ගංවතුර හේතුවෙන් මාර්ග පද්ධතියට, පාලම්වලට කදු කඩා වැටීම්, නායයෑම් හේතුවෙන් දරුණු ලෙස හානි සිදුවුද එහිදී ලබා ගත් අත්දැකීම් මත පෙර සූදානම් වීම නිසා හානි කර තත්ත්වයන් අවම කරගන්ට හැකි වූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පැවසීය.

මේ දිනවල රට පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් විනාශයට පත් වූ මාර්ග, පාලම් සඳහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති ක‍්‍රියා මාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා බත්තරමුල්ලේ පිහිටි මාහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ශ‍්‍රවණාගාරයේ දී පැවති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

විශේෂයෙන් දින 2ක් අතුලත හානිවූවන්ට මාර්ග පිළිසකර කර යථාතත්ත්වයට පත් කළ බවත් ගිය වසරට වඩා කදු කඩා වැටීම් අවම තත්ත්වයකට ගෙන ඒමට හැකි වූ බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

අධිවේගි මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු සිදු වුවද ගංවතුරට ඉන් බලපෑමක් සිදු වී නොමැති බව පෙන්වා දුන් ඒ මහතා ඉදිරියේදී අධිවේගී මාර්ග ඉදිකිරීමේ දී සමස්තයනේ 20 %ක් කණු මත ඉදිකරන බව ද සඳහන් කළේය.

වර්තමාන මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත සිදුවන හානි වෙනුවෙන් පළාතකට රුපියල් මිලියන 5 බැගින් පළාත් 9 යටම මුදල් වෙන් කිරීමට මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයත් මාර්ග සංවර්ධන අධිකාරියත් කටයුතු කර තිබෙන බව සභාපතිවරයා සඳහන් කළේය.

Read more

Local News