රන් මාල කොල්ලකෑම් ගණනාවක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

Share

මීගමුව, කටාන, කටුනායක හා කොච්චිකඩේ යන ප්‍රදේශවල සිදු කළ රන් මාල කොල්ලකෑම් ගණනාවක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (30) දිනයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර විමර්ශන වලදී සිද්ධීන් 12ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත.

සැකකරුවන් අද (31) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීට නියමිතය.

Read more

Local News